උද්දීප්‍ය ආන්ත්‍රික සහලක්ෂණය

උද්දීප්‍ය ආන්ත්‍රික සහලක්ෂණයේ (Irritable bowel syndrome) (IBS) පොදු රෝග ලක්ෂණ

මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ නම්,:

  • උදරයේ වේදනාව හෝ බඩ පෙරලීම- මෙය සාමාන්‍යයෙන් ආහාර ගැනීමෙන් පසුව උත්සන්න වන අතර, මලපහ කිරීමෙන් පසුව සුවයක් ලැබේ
  • බඩ පිපීම- අපහසුතාවක් ඇතිවන ලෙස ඔබගේ උදරය පිරී ඇති බවක් සහ ඉදිමී ඇති බවක් දැනෙනු ඇත
  • බඩ බුරුලට යාම-මලපහ දියර ආකාරයට පිටවීම සහ මලපහ කිරීමේ ක්ෂණික අවශ්‍යතා ඇතිවීම සිදුවිය හැකිය
  • මලබද්දය-මල පහ කිරීමේ දී ඔබට තැටඹීමට සිදුවිය හැකිය. මල පහ කිරීමෙන් පසුව එය සම්පූර්ණයෙන් සිදු නොවූ බවක් දැනිය හැකිය

ඇතැම් දින වලදී ඔබගේ රෝග ලක්ෂණ සුව අතට හැරිය හැකිය, එසේම ඇතැම් දින වලදී එම ලක්ෂණ අසාධ්‍ය තත්ත්වයට පත් විය හැකිය.(අඩු වැඩි වීම්). ආහාර පාන මගින් ඒවා උත්සන්න විය හැකිය.

උද්දීප්‍ය ආන්ත්‍රික සහලක්ෂණයේ (Irritable bowel syndrome) (IBS) අනෙකුත් රෝග ලක්ෂණ

ඉහත රෝග ලක්ෂණ වලට අමතරව එමගින්,:

  • අධෝවාත පිටවීම
  • අධෝමුඛයෙන් තරලමය ද්‍රව්‍යයක් පිටවීම
  • වෙහෙසකාරී බවක් සහ ශක්තිහීන බවක් දැනීම
  • ඔක්කාරය ඇතිවීම
  • පිට කොන්දේ අමාරුව
  • මුත්‍රා කිරීමේ දී ගැටලු ඇතිවීම-මුත්‍රා කිරීමේ වාර ගණන වැඩි වීම, ක්ෂණික අවශ්‍යතා ඇතිවීම, මුත්‍රාෂය සම්පූර්ණයෙන් හිස් කල නොහැකි බවක් දැනීම
  • මලපහ පිටවීම පාලනයකින් තොරව සිදුවීම

ඔබගේ තත්ත්වය උග්‍ර නොවේ නම්- ඔබට උද්දීප්‍ය ආන්ත්‍රික සහලක්ෂණය (IBS) ඇතැයි සිතෙනවානම්, වෛද්‍යවරයෙකු හමුවන්න. ඔහු ඔබට උද්දීප්‍ය ආන්ත්‍රික සහලක්ෂණය (IBS). ඇත්දැයි පරීක්ෂා කරනු ඇත. එසේම, පරීක්ෂණ කිහිපයක් සිදුකර, මේ හා සමාන අනෙකුත් තත්ත්වයන් ද පරීක්ෂා කර බලනු ඇත. ඔබට පහත ලක්ෂණ පවතී නම්, කඩිනමින් වෛද්‍යවරයෙකු මුණගැසෙන්න

  • හේතුවක් නොමැතිව විශාල ලෙස ඔබේ බර අඩුවීමක් සිදු වූයේ නම්
  • අධෝමුඛයෙන් රුධිර පිටවීමක් හෝ මලපහ සමග රුධිර පිටවීමක් සිදුවූයේ නම්,
  • ඔබගේ උදරයේ ගෙඩියක් ඇති ස්වභාවයක් හෝ ඉදිමීමක් ඇතිවූයේ නම්,
  • හුස්ම ගැනීමේ අපහසුතාවක්, ඔබේ හෘදයවස්තුව වේගයෙන් අක්‍රමවත් ලෙස ගැහෙන බවක් ඔබට දැනෙනවා නම් සහ ඔබේ සමේ සුදුමැලි ස්වභාවයක් පවතිනවා නම්

මේවා යම් දරුණු තත්ත්වයක ලක්ෂණ විය හැකිය.